පරිගණක ඉගෙනුම් මධ්‍යස්ථානය භාවිතා කරන සිසුන්

පරිගණක ඉගෙනුම් මධ්‍යස්ථානය පාසල් කාලය තුලදී 10 / 11 ශ්‍රේණි වල සිසුන් මෙන්ම GIT විෂය හදාරණ සිසු භාවිතා කරන අතර 6 ශ්‍රේණියෙන් ඉහළ සෑම පංතියක් සඳහාම සතියට වරක් එක් කාලඡේදයක් ලැබෙන අන්ඳමට අතිරේක කාලඡෙදයක් ලබා දී තිබේ.

මෙම අතිරේක කාලඡේද වලදී සිසුන් Encarta, Tux Math, Tux Paint, Child's Play මෙන්ම KTechLab වැනි මෘදුකාංග භාවිතයට ගනිමින් විවිධ ක්‍රියාකාරකම් වල යෙදේ.

මීට අමතරව විවිධ විෂයයන් ඉගැන්වීම සඳහා පරිගණක ඉගෙනුම් මධ්‍යස්ථානය භාවිතයට ගනු ලබන අතර ඒ සඳහා අවශ්‍ය මෘදුකාංග පරිගණක තුල ස්ථාපනය කර තිබේ. විද්‍යාව, ඉංග්‍රිසි සහ ඉතිහාසය ඒ අතර පුමුඛ වේ.

පාසල් කාලවේන් පසුව සහ නෙසුරාදා ඉරිදා දිනවලදී මූලික පාඨමාලාවන් පැවැත් වෙන අතර Office, Desktop Publishing, Photoshop ආදී මෘදුකාංග භාවිතා කරමින් මෙන්ම හන්තාන ලිනක්ස් භාවිතා කරමින් Gimp, Libre Office ආදී මෘදුකාංගද සිසුන් භාවිතයට ගනු ලබයි.