මේ එහි අවස්ථාවන් කිහිපයක්.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂන දිනය 2012
2012 මාර්තු මස 15 වන දින අප විද්‍යාලයීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දිනය පැවැත්විණි. එය පළාත් සභා මන්ත්‍රී හාරිස්පත්තුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ගරු එදිරිවීර වීරවර්ධන මැතිතුමාගේ ආරාධනයෙන් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු සරත් ඒකනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මේ එහි අවස්ථාවන් කිහිපයක්.
මේ එහි අවස්ථාවන් කිහිපයක්.
මේ මගේ පාසලයි.
තොරතුරු හා සන්නිවේදන දින වැඩසටහන් පෙළ ගැස්ම
මූලික පාඨමාලාවන් සම්පූර්ණ කළ සිසුන් සඳහා සහතික පත්‍ර පිරිනැමීම
තොරතුරු තාක්ෂණ සඟරාව එළිදැක්වීම
විද්‍යාලයීය වෙබ් පිටුව විවෘත කිරීම
දැක්ම සහ මෙහෙවර
දැක්ම
අභියෝග ජයගෙන අනාගත වැඩ ලොවට පිවිසෙන සැබෑ මිනිසකු බිහිකිරීමය.
අභියෝග ජයගෙන අනාගත වැඩ ලොවට පිවිසෙන සැබෑ මිනිසකු බිහිකිරීමය.
මෙහෙවර
අප වෙත එන දූ පුතුන්ගේ,
විවිධ විභවතා විකසිත කර,
පූර්ව පෞරුෂයකින් හෙබි,
අනාගත වැඩලොවට ගැලපෙන,
ජාතික සමගිය අගයන,
සැබෑ මිනිසකු සමාජයට
බිහිකිරීමයි.
විද්‍යාලයීය කමිටු
අභ්‍යන්තර අධීක්‍ෂණ කමිටුව 2012
ජේ එච් එස් දයානන්ද මයා -විදුහල්පති
බී ඩබ් එම් ඩබ් බණඩාරනායක මයා - නි/වි
ඩී ඒ සී එන් දඹදෙනිය මිය - උ/වි
එන් ඩි කේ නියරේපොල මිය
එච් එම් චන්ද්‍රවතී මිය
කේ පී එච් ඒකනායක මිය
එස් එම් ඊ එස් කේ ඒකනායක මිය
බී එම් කේ විජේවර්ධන මිය
විනය කමිටුව 2012
ඩී ඒ සී එන් දඹදෙනිය මිය
යු ජී ජයතිලක මයා
එන් ඩි කේ නියරේපොල මිය
එස් එස් බී ජයසේකර මයා
ඉන්ද්‍රාණි රත්නවීර මිය
ආර් එස් අහංගම මිය
ඩබ් ඒ කේ රෝහිණි මිය
ශිෂ්‍ය නායක කමිටුව 2012
යු ජී ජයතිලක මයා
සරත් ගලහිටියාව මයා
එන් ඩි කේ නියරේපොල මිය
ආර් එම් එස් තිලකරත්න මයා
එව් එම් ටී එස් කේ හේරත් මිය
විශේෂ කමිටු හා වගකීම්
බෞද්ධ කටයූතූ කමිටුව
කේ පී එච් ඒකනායක මිය
එච් එම් චන්ද්‍රවතී මිය
පී එල් සී කූමාර මයා
අයි ජි සුමනදාස මයා
තුසිතා ප්‍රේමලතා මිය
බී ජී අයි දසනායක මිය
ඉංග්‍රීසි කමිටුව
සී ඩි මල්ලිකාආරච්චි මිය
එස් කේ එදිරිමාන්න මිය
එල් එන් කේ අධිකාරි මිය
ආර් එස් අහංගම මිය
අයි ජි සුමනදාස මයා
කලා සංගමය
එන් ඩි කේ නියරේපොල මිය
බී එම් කේ විජේවර්ධන මිය
ඩී ඒ සී එන් දඹදෙනිය මිය
යු ජී ජයතිලක මයා
ආර් එම් එස් තිලකරත්න මයා
එස් කේ හලංගොඩ මිය
ආර් පී එන් වසන්තා මිය
පී ආර් ඒ රංකොත් මිය
ඒ කස්තූරිආරච්චි මිය
ජී එම් ජී ගීත කූමාරි මිය
ක්‍රීඩා කමිටුව
එන් ජී ආර් තූෂාරිකා මිය
ඩබ් එම් ප්‍රේමරත්න බණ්ඩා මයා
එස් එස් බී ජයසේකර මයා
ඩී එස් බී හේරත් මයා
ඩී එම් එන් කේ වලිසුන්දර මිය
විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය
- ජේ. එච්. එස්. දයානන්ද මයා
- බී. ඩබ්. එම්. ඩබ්. බණ්ඩාරනායක මයා
- ඩී. එ. සී. එන්. දඹදෙණිය මිය
- ෙජ්. එම්. ආර් එස් එස් බී ජයසේකර මයා
- බී. එම්. කේ. විජේවර්ධන මිය
- කේ. පී. එච්. ඒකනායක මිය
- එච්. එම්. චන්ද්‍රාවතී මිය
- ඩබ්. ඒ. කේ. රෝහිණි මිය
- එම්. එච්. එම්. එන්. ඩී. කේ. නියරපොල මිය
- ජී. එම්. ජී. ජී. කුමාරි මිය
- ඩබ්. එම්. ප්‍රේමරත්න බංඩා මයා
- ඒ. කස්තුරිආරව්චි මිය
- එස්. කේ. හලංගොඩ මිය
- එස්. පී. එම්. එන්. කුමාරිහාමි මිය
- පී. ජී. එස්. පල්ලේපිටිය මිය
- එස්. කේ. එදිරිමාන්න මිය
- සී. ඩී. මල්ලිකාරච්චි මිය
- එච්. එච්. ටී. සී. කේ. හේරත් මිය
- එල්. ඩී. එස්. එස්. කේ. ලංකාගේ මිය
- පී. ආර්. එ. එන්. රංකොත් මිය
- බී. ජී. අයී. දසනායක මිය
- ආර්. එම්. ඥාණවතී මිය
- ජේ. ඒ. එල්. රංජනී මිය
- එස්. එම්. ඊ. එස්. කේ. ඒකනායක මිය
- එච්. එම්. ඩී. එස්. බී. හේරත් මයා
- ඩබ්. ජී. ටි. ප්‍රේමලතා මිය
- එන්. ජී. ආර්. තුෂාරිකා මිය
- යූ. ජී. ජයතිලක මයා
- කේ. එම්. එන්. දමයන්ති මිය
- එස්. එම්. කේ. ජයමැණිකේ මිය
- ඩී. රත්නායක මිය
- යූ. බී. එච්. ජී. සුනිල් මයා
- ආර්. පී. එන්. වසන්තා මිය
- පී. ඩබ්. එම්. කේ. වලිසුන්දර මිය
- ආර්. එස්. අහංගම මිය
- එච්. ජී. අයි. රත්නවීර මිය
- එස්. ගලහිටියාව මයා
- ඒ. ජී. අර්. ස්වර්ණලතා
- ඒ. එම්. එල්. එන්. කේ. අධිකාරී මිය
- පී. එල්. සි. කුමාර මයා
- ඩී. පී. එස්. එස්. දසනායක මිය
- ඩී. කේ. විතානගේ මිය
- බී. ජී. ටී. පී. කේ. රත්නායක මිය
- පී. එච්. ජී. සී. ජගත් කුමාර මයා
- අර්. බී. ඩබ්. ඒ. එම්. එච්. රාජගුරු මිය
- එච්. ඊ. එම්. අයි. ඩබ්. ටී. ඩී. ඒකනායක මිය
- එස්. ඩී. බණ්ඩාරනායක මිය
- අර්. එම්. එස්. තිලකරත්න මයා
- අයි. ජී. සුමනදාස මයා
- එම්. ජී. ඒ. එස්. තිලකරත්න මිය
- ඒ. ඩී. තිසේරා මිය
- ජේ. ඩබ්. එස්. එම්. ජී. ඩබ්. ජේ. කේ. ගල්පොත්තාවල මිය
- සී. එස්. මැදවල මිය
- පී. කේ. කරුණාරත්න මිය
පළමු සහතික පත්‍ර ප්‍රදිනය 2009
2009 අප්‍රේල් 30 වන දින
කටුගස්තොට කලාප අධ්‍යාපන අධ්‍යකෂ
නි.අ.අ. ගරු ජි.එල්.ජි. පෙරේරා මැතිණියගේ
හා
ද්විතීක අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය 11 හි
මධ්‍යම පළාත් කළමණාකරු
නි.අ.අ. තිලක් ඒකනායක මැතිතුමාගේ
සහභාගීත්වයෙන්
මධ්‍යම පළාත් සභාවේ සෞඛ්‍ය, දේශිය වෛද්‍යය
සමාජ සුභසාධන සහ පරිවාස හා ළමා රකෂණ සේවා පිළිබඳ අමාත්‍ය
ගරු එදිරවීර වීරවර්දන මැතිතුමාගේ ආරාධනයෙන්
මධ්‍යම පාළාත් අධ්‍යාපන හා ප්‍රධාන අමාත්‍ය
ගරු සරත් ඒකනායක මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් විසින් 2008 වර්ෂය පුරාවට මූලික පාඨමාලාවන් සාර්ථකව නිම කල සිසුන් 135 දෙනෙකුට සහතික පත්‍ර ප්‍රදානය කරනු ලැබීය.
පහත දැක්වෙනුයේ එහි විශේෂ අවස්ථාා කිහහිපයකි.
පරිගණක ඉගෙනුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය
ද්විතීක අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය 11 (SEMP 11)
යටතේ
2008 පෙබරවාරි මාසයේ 20 වන දින
ස්ථාපනය කරන ලදි.
ජාල ගත පරිගණක 20කින් සමන්විත
මෙම මධ්‍යස්ථානය
පූර්ණ වශයෙන් වායු සමනය
කර ඇත.
2009 අප්‍රේල් 30 වන දින
කටුගස්තොට කලාප අධ්‍යාපන අධ්‍යකෂ
නි.අ.අ. ගරු ජි.එල්.ජි. පෙරේරා මැතිණියගේ
හා
ද්විතීක අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය 11 හි
මධ්‍යම පළාත් කළමණාකරු
නි.අ.අ. තිලක් ඒකනායක මැතිතුමාගේ
සහභාගීත්වයෙන්
මධ්‍යම පළාත් සභාවේ සෞඛ්‍ය, දේශිය වෛද්‍යය
සමාජ සුභසාධන සහ පරිවාස හා ළමා රකෂණ සේවා පිළිබඳ අමාත්‍ය
ගරු එදිරවීර වීරවර්දන මැතිතුමාගේ ආරාධනයෙන්
මධ්‍යම පාළාත් අධ්‍යාපන හා ප්‍රධාන අමාත්‍ය
ගරු සරත් ඒකනායක මැතිතුමා විසින්
විවෘත කෙරිණි.
පහත දැක්වෙනුයේ එහි විශේෂ අවස්ථා කිහිපයකි.
විද්‍යා විෂය සඳහා පරිගණක ඉගෙනුම් මධ්‍යස්ථානය භාවිතා කරමින්
විද්‍යාව විෂය ඉගැන්වීමේ දී විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවේදී භාවිතයට ගත හැක.
විෂය ක්‍රියාකාරකම් අඩංගු සංයුක්ත තැටි, විද්‍යුත් ප්‍රදර්ශක වාගේම ක්‍රියාකාරකම් කිරීම සඳහා විවිධ මෘදුකාංග භාවිතා කිරීමට ද පුළුවන. පහත ඡායාරූප වලින් පෙන්වන්නේ විද්‍යුතය පාඩම් සඳහා පරිපථ ගොඩනැගීම මෘදුකාංග භාවිතයෙන් පැහැදිලි කරන අවස්ථාවකි.
මේ සඳහා KTechLab මෘදුකාංගය භාවිතා කර ඇත.
ගුරු සිසුන් පරිගණක ඉගෙනුම් මධ්‍යස්ථානය භාවිතා කරමින්
පොල්ගොල්ල මහවැලි අධ්‍යාපන විද්‍යාපීඨයේ ගුරු සිසුවියන් විසින් තම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා පරිගණක ඉගෙනුම් මධ්‍යස්ථානය ඉතා යුහුසුළුව භාවිතා කළේය.ඔවුන් අධීක්ෂණයට පැමිණි අධික්ෂකතුමියත් පසකින් සිටි. ඔවුන් නිදහසු මෘදුකාංග භාවිතා කරමින් තම ඉගැන්වීමේ කාර්යයේ යෙදී සිටිනු පහත ඡායාරූප වලින් දැක ගැනීමට පුළුවන.
කලාපීය තොරතුරු තාක්ෂණ සිසුන් සඳහා වු සම්මන්ත්‍රණයක්
හල්ඔළුව මහ විද්‍යාලය, පූජානිටිය මහ විද්‍යාලය සහ අප විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරණ සිසුන් එකතු කරමින් කටුගස්තොට කලාපය විසින් සංවිධානය කරනු ලැබු දත්ත සමුදාය ප්‍රායෝගික වැඩමුළුව පිළිබඳ ඡායාරූප පහත දැක්වේ.
මෙම වැඩසටහන සඳහා එම විද්‍යාලවල ගුරුභවතුන් මෙන්ම කටුගස්තොට කලාපයේ තොරතුරු තාක්ෂණ ගුරු උපදේශක තුමිය යමුනා පතිරණ මහත්මිය මෙන්ම කලාපීය තොරතුරු තාක්ෂණ සම්බන්දීකරණ නිලධාරී ලෙස කටයුතු කළ සසංක තෙන්නකෝන් මහතාද සහභාගී විය.
මෙම වැඩසටහන සඳහා එම විද්‍යාලවල ගුරුභවතුන් මෙන්ම කටුගස්තොට කලාපයේ තොරතුරු තාක්ෂණ ගුරු උපදේශක තුමිය යමුනා පතිරණ මහත්මිය මෙන්ම කලාපීය තොරතුරු තාක්ෂණ සම්බන්දීකරණ නිලධාරී ලෙස කටයුතු කළ සසංක තෙන්නකෝන් මහතාද සහභාගී විය.
හන්තාන ලිනක්ස් ස්ථාපනය කරමින්
ලෝකයේ විවිධ වෙනස් වීම් වලට අනුරූපව අපගේ වෙනස් වී ඊට හැඩ ගැසිය යුතුය. තාක්ෂණයද වෙනස් වෙයි. අපි මේ සැම වෙනස්කමක් දෙසම අවධානයෙන් බලමින් අත්දැකීම් ලබා ගත යුතුයි. ඒ සදහා නිදහස් මෘදුකාංග භාවිතය පිළිබදව අත්දැකීම් ලබා ගැනීම සඳහා අපි හන්තාන ලිනක්ස් භාවිතා කරන්නට අදහස් කෙරුවෙමු.
තොරතුරු තාක්ෂණ සංගමයේ පිරිසක් එකතු වී විද්‍යාලයීය පරිගණක ඉගෙනුම් මධ්‍යස්ථානයට හන්තාන ලිනක්ස් ස්ථාපනයෙන් අනතුරුව ගත් ඡායාරූප කිහිපයක්.
තොරතුරු තාක්ෂණ සංගමයේ පිරිසක් එකතු වී විද්‍යාලයීය පරිගණක ඉගෙනුම් මධ්‍යස්ථානයට හන්තාන ලිනක්ස් ස්ථාපනයෙන් අනතුරුව ගත් ඡායාරූප කිහිපයක්.
ගුරු මණ්ඩලය නව දැනුම සොයමින්
පරිගණක ඉගෙනුම් මධ්‍යස්ථානය තුල සමාන්තරව නිදහස් මෘදුකාංග භාවිතය ආරම්භ කිරීමත් සමගම ඒ පිළිබඳව හඳුන්වාදීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය. පහතින් දැක්වෙනුයේ එම අවස්ථාවේ ගනු ලැබූ ඡායාරූප කිහිපයකි.
3 ශ්‍රේණියේ සිසුන් පරිගණක ඉගෙනුම් මධ්‍යස්ථානය භාවිතා කරමින්
පරිගණක ආධාරයෙන් ඉගැන්වීම් කාර්යයේ යෙදීමෙදී අපට විවිධාකාරයේ මෘදුකාංග භාවිතයට ගැනීමට අවකාශ සැලසේ. මෙම ළමුන් තම ගණිතමය හැකියාවන් පරිගණක ක්‍රීඩාවක් ආශ්‍රයෙන් උරගා බලන ආකාරය පහත ඡායාරූප වලින් දැක් ගැනීමට පුළුවන. මොවනු Tux Math මෘදුකාංගය භාවිතා කරමින් අධ්‍යාපනික ක්‍රීඩාවක යෙදී සිටි.
එම අවස්ථාවට එම පංතිභාර ගුරුමහත්මීන් සහභාගී වෙමික් අවශ්‍ය කරන මඟ පෙන්වීම් සිදු කරන අයුරු පහත රූප තුලින් දැක ගැනීමට පුළුවන.
එම අවස්ථාවට එම පංතිභාර ගුරුමහත්මීන් සහභාගී වෙමික් අවශ්‍ය කරන මඟ පෙන්වීම් සිදු කරන අයුරු පහත රූප තුලින් දැක ගැනීමට පුළුවන.
විදුහල් ගීතය
විදුහල්මෑණියේ විදුහල්මෑණියේ
සැරදේ සැරදේ සැරදේ
සැරදේ සැරදේ සැරදේ
සිරි දළදා සමිදුන් සෙවණේ වැජඹෙන බොපත් සිලි සිලියේ //
සිරි පියරතන මැදී .......... නමදිමු විදුමෑණී
දෑඅභිමානය කුළුගන්වා දසදෙස කිතුයස දද නංවා //
සිරි පියරතන මැදී .......... නමදිමු විදුමෑණී
ලලිතකලා විද්‍යා ඥාණේ - ලැබ ඛිහිවන විරු අපමානේ //
සිරි පියරතන මැදී .......... නමදිමු විදුමෑණී
විදුහල්මෑණියේ විදුහල්මෑණියේ
සැරදේ සැරදේ සැරදේ
සැරදේ සැරදේ සැරදේ
පාසල් ඉතිහාසය
අතීතයක තතු.....
රට අභ්‍යන්තරයේ පිහිටි මධ්‍යම කඳුකරය කඳුවැටිවලින් සහ සානුවලින් යුතු අතිශයින්ම ව්‍යාකූල භූ විෂමතාවයන් පෙන්වන අතර ඒ නිසාම ඉතා දැකුම්කළු ප්‍රදේශයන් බවට පත්ව ඇත. සමනළ, නමුණුකුල, පිදුරුතලාගල හා නකල්ස් යන කඳු පන්තීන් වලින් වට වී ඇති මහනුවර සානුව උස 600 -900 අතර විහිදෙන බටහිර අර්ධය ඔස්සේ මහවැලි ගඟ ගලා බසියි.
1815 දක්වා විදේශිකයන්ට යටත් නොවු මලය රට නම් වු මධ්‍යම කඳුකරයේ බොහෝ සිංහල රජවරුන්ගේ පාලන මධ්‍යස්ථානය ලෙස පැවතුනේ මහනුවර නාගරික ප්‍රදේශයවන අතර විශේෂයේන්ම වළගම්බා රජුගේ රාජධානිය පැවති සමයේ ප්‍රධාන නගරයක්ව පිහිටි කටුගස්තොට නගරයේ සිට සැතපුම් 4 ක් පමණ දුර සීමාවක මෙම පාසල පිහිටා තිබේ.
දේශපාලනික වශයෙන් බලන කල සිංහල රාජධානි යුගයේ පටන්ම විශේෂ අවධානයට ලක්වුණු ප්‍රදේශයක් ලෙස මෙම පාසල පිහිටි ප්‍රදේශය හැදින්විය හැකිය. රජවරුන්ගේ විශේෂ සැලකිල්ල යටතේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කර ඇති අතර අධ්‍යාපනය ද ඒ හා නිතර බැදී පැවත ඇත. එකල රාජ්‍යත්වය සහතික කළ දළදා වහන්සේගේ අයිතිය හේතු කොටගෙන ප්‍රදේශය දේශපාලන බලපෑමට ලක්වූයේ දළදා මාළිගය නාගරික ප්‍රදේශය තුළ පිහිටීම නිසාය.
ඓතිහාසික හා සාමාජික වශයෙන් සලකා බලන විට 1815 දී අවසාන සිංහල රාජධානිය වූ කන්ද උඩරට රාජධානිය ද ඉංග්‍රීසින්ට යටත්වීමත් සමඟම ඉංග්‍රීසීන්ගේ අවශ්‍යතා සපුරන අධ්‍යපන රටාවක් මෙම ප්‍රදේශවලද ව්‍යාප්ත විය. බෞද්ධාගමික සිංහල රාජ සංස්කෘතියට හැඩ ගැසුනු ළමුන්ට එම අධ්‍යාපන පද්ධතිය තුළ අධ්‍යාපන අවස්ථා හිමි නොවීය. එහෙත් 19 වන සියවස අග භාගයේදී ඇතිවූ ජාතික ප්‍රබොධයත් සමග සැලකිය යුතු වෙනස්කම් සමාජ රටාවේ සිදුවූ අතර අධ්‍යාපනයද එයින් වෙන්වූයේ නැත. කෙසේවූව ද මෙම විදුහල පිහිටි අධ්‍යාපන කොට්ඨාසය ද මෙම මිෂනාරි බලපෑම්වලට යටත්වූ බවට සාක්ෂි ඇත.
ප්‍රධාන ජීවනෝපාය වී ගොවිතැන කරගත් මෙම ප්‍රදේශයේ ග්‍රාමීය ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක් වී තිබුණේ තම දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට මහනුවර නගරයට යාමට සිදුවීමයි. 1930 දශකයේ මුල් කාලය වන විට මෙම ප්‍රදේශයේ අත්තරගම හා මැදවල යන ගම්වල ක්‍රිස්තියානි පාසල් පැවතුන ද බෞද්ධ දරුවනට පාසලක් නොතබුණි.මේ බව තේරුම් ගත් එවකට ගමේ ප්‍රභූ පැලැන්තියේ ඩි.බි. විල්අමුණ මහතා, අයිසෙක් වීරතුංග මහතා, පීරිස් සිංඤෝ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ද අත්තරගම විහාරවාසීන් ශ්‍රී පියරතන නායක ස්වාමීපාදයන්ගේ දායකත්වය ද ඇතිව රැස්වීමක් පවත්වා ප්‍රදේශයේ බෞද්ධාගමික දරුවන්ට පාසලක් ආරම්භ කිරීමට තීරණය කර ගත්හ. ඒ අනුව අත්තරගම රජමහා විහාරවාසී ශ්‍රී පියරතන හිමියන් විසින් පන්සල් භූමියට අයත් ඉඩමක ගොණිගොඩ ශ්‍රී පියරතන විදුහල ආරම්භ විය. විදුහලට මෙම ශ්‍රී පියරතන යන නම ලැබුණේ අත්තරගම පොත්ගුල් විහාරවාසී නායක ස්වාමීන්වහන්සේගෙන් මෙම පාසල් භූමිය ලැබුන නිසායි. ප්‍රභූ පිරිසක් අනෙකුත් ගම් වැසියන්ගේ ආධාරයෙන් පොල් අතු සෙවිලිකරන ලද කුඩා ගොඩනැගිල්ලක් තනවා 1930.01.30 වන දින මෙම පාසලේ මූලික අධ්‍යාපන කටයුතු ආරම්භ කර ඇත. ආරම්භයේ දී ළමුන් සංඛ්‍යාව 10 කි. පාසල ආරම්භයේ දී ළමුන්ගේ මුල් ගුරුතුමා ලෙස කටයුතු කරඇත්තේ “අලගොඩ මහත්මයා” ය. ආරම්භයේ දී වෙනත් ගුරුවරු පාසලේ සිටියේ නැත. මුල් ගුරුතුමා පමණක් සේවය කර ඇත. මුලින්ම තිබූ ගොඩනැගිල්ල පිහිටා තිබූ ස්ථානයේ වර්තමානයේ නැටුම්, සංගීත කාමර පිහිටි ගොඩනැගිල්ල දක්නට ලැබේ. පාසලට මුලින්ම ඇතුළත් කරගත් ළමයා ලෙස දුංකොටුවේ ගෙදර අලි බලන අප්පුහාමිගේ පුතා “රත්නායක” සිසුවා හැදින්විය හැකිය.
එම කාලයේ තිබුණු ගොඩනැගිල්ල කණු සිටුවා පිදුරු වසන ලද්දකි. ආරම්භයේ දී සිටි ගුරු සංඛ්‍යාව 01 ක් පමණක් බව මුලින් කියන ලදී. ඒ මහතාට ගෙවන ලද වැටුප රු.20.00 ක් බවත් බරිගම ආරියදාස මහතා ස්වකැමැත්තෙන් එම වැටුප ගෙවූ බවත් සඳහන් වෙයි. 1936 දී පමණ පරණවිතාන ශාලාව (අඹ ගහ ළඟ ශාලාව) තනවා ඇත. මේ සඳහා අවශ්‍ය උළු 9000 ක් ඇඹිල්මිගමෙන් ගෙන්වා ඇත. ඒ කාලයේදී උළු 1000 ක මිල රු. 8.00 ක් විය. ගොන් කරත්ත 09 කින් පෙරහැරක ආකාරයට මේ උළු ගෙන්වා ඇති බව පැවසේ. අලගොඩ මහතාගෙන් පසුව එම්.කේ.යු. බණ්ඩා මහතා විදුහලේ විදුහල්පති වශයෙන් පත්වී ඇත. ඒ කාලයේ දී එම්.කේ. හීන්මැණිකේ මහත්මිය උපගුරුවරියක් වශයෙන් කටයුතු කර තිබේ. එතුමිය පාසලේ වැඩභාරගෙන ඇත්තේ 1939 මැයි මස 04 වෙනිදා ය.ඉන්පසු මධ්‍යම දිශාභාර ප්‍රධාන පාඨශාලා පරීක්ෂක තුමාගේ 1936.10.06 දින දරණ දැන්වීමේ ප්‍රකාශ කර යු. කිරිමැණිකේ මහත්මියට උපගුරුකමේ වැඩ තාවකාලිකව භාරදී තිබේ. 1939 අවුරුද්ද වන විට පාසලේ සිසු සංඛ්‍යාව 138 ක් වී ඇත. 1938 දී මෙම පාසල රජයට පවරාගෙන තිබේ.මේ කාලය වන විට පාසලේ ගොඩනැගිලි සංඛ්‍යාව 02 කි.පාසලේ මුල් යුගවල දී වතු වැඩ සාර්ථකව කි්‍රයාත්මක වී තිබේ. එයින් ලැඛෙන ඵලදාව අලෙවිකර සිසු සුභසාධනය සඳහා යොදවා තිබේ. ආරම්භක කාලයේම නොතිබුණත් 40 දශකය ආරම්භයේ සිටම වාගේ විදුහලේ ගුරු නිවසක් තිබී ඇත.
විදුහලේ සිසුනට වැදුම්පිදුම් කිරීමට සුදුසු ස්ථානයක් මුලින්ම නොතිබුණත් පසුකාලීනව එයද සම්පූර්ණ විය. ඒ 1955 නොවැම්බර් මස 11 වෙනිදා බුද්ධ ප්‍රතිමා මන්දිරය විවෘත කිරීමෙන් පසුය. 1961 වර්ෂයේදී ගෝණිගොඩ පාඨශාලාව මහා විද්‍යාලයක් බවට උසස් කර තිබේ. ඉන්පසුව ක්‍රමක්‍රමයෙන් පාසල සංවර්ධනය වෙමින් පැමිණ තිබේ. 1957 දී පමණ උසස් පෙළ විෂයයන් ඉගැන්වීම ආරම්භ කර ඇත. මුලින්ම මෙම පාසලෙන් විශ්වවිද්‍යාලයට ගිය සිසුවා වූයේ ආර්.බි.සෙනෙවිරත්නයි. ඒ 1964 වර්ෂයේය.
පි. වීරවර්ධන විදුහල්පති තුමාගේ කාලයේදී පාසල විශාල ප්‍රගතියකට ලක් වී ඇති බව පැවසේ. මේ කාලයේ දී පාසලේ පිට්ටනිය පුළුල් කිරීමේ කටයුතු කර ඇත. මේ සඳහා කැනඩාවෙන් ආධාර ලබාගෙන තිබේ. 1960 දශකය වන විට නළ ජලය පාසලට ලබාගෙන තිබේ. 1963 වර්ෂය වන විට පාසලේ බාලදක්ෂ කණ්ඩායමක් විය. ඒ අය විසින් පාසලේ විවේක කාලයෙ තේ විකිණීමේ ව්‍යාපෘතියක් පවත්වාගෙන ගොස් තිබේ. 1963.09.19 දින සිට මෙම පාසලේ පැරණි නාමය වූ මහ/ගෝණිගොඩ මහා විද්‍යාලය වෙනුවට ශ්‍රී පියරතන මහා විද්‍යාලය යන නම භාවිතයට පැමිණ ඇත.
පොල් අතු සෙවිලි කළ ගොඩනැගිල්ලක සිසුන් දහදෙනෙකුගෙන් යුක්ත මුල් ගුරුතුමා පමණක් ඉගැන්වීම් කටයුතු කරමින් ආරම්භ කල මෙම පාසල අද වන විට විශාල ප්‍රගතියක් දක්නට ලැබේ. පාසලේ තෙමහල් ගොඩනැගිල්ලක් හා තවත් ගොඩනැගිලි අටක් අද වන විට ඇත. සිසු සංඛ්‍යාව 1250 කට ආසන්න සංඛ්‍යාවක් ඇත. උසස් පෙළ කලා, වාණිජ විෂයධාරාවන් හැදෑරීමට අවස්ථාව ඇත. පාසලේ විදුලිය පහසුකම් හා ජල පහසුකම්ද ඇත. තවද 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් හාරිස්පත්තුව අධ්‍යාපන කලාපයේ වැඩිම සිසුන් ගණනක් සමත් වන පාසල බවට පත්ව ඇත. පාසලේ සෞන්දර්ය, ක්‍රීඩා, පේෂ කර්මාන්ත, කෘෂිකර්මය යන අංශ දියුණුමට්ටමකින් පවතියි. තවද විෂයබාහිර කි්‍රයාකාරකම් ලෙස බාලදක්ෂ කටයුතු, පරිගණක ඒකකය, පුස්තකාල කටයුතු, සමිතිසමාගම් ආදී නොයෙකුත් කටයුතු ක්‍රීයාත්මකව පවතී. වර්තමානය වන විට විදුහල්පතිතුමා ඇතුළුව ඇදුරු මඩුල්ල 54ක් දක්වා වර්ධනය වී ඇත. 1996.01.04 දින සිට මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත්වීමෙන් පසු විදුහල්පති පි.ඒ.එස්. අල්විස් මහතාගේ මූලිකත්වයෙන් විවිධාකාර අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත.එසේම වර්තමාන විදුහල්පති වන සුනිල් දයානන්ද මහතා ද නිරතුරුව සිසුන්ගේ අධ්‍යාපන ප්‍රගතියම මූලික කරගෙන සිසුන් විනයානුකූල ක්‍රමවත් පුරවැසියන් බවටපත් කිරීමට පුරෝගාමීව කටයුතු කරයි.
කටුකොහොලින් පිරි දුෂ්කර මගක ගමන් ගත් ගෝණිගොඩ ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලය කාලයාගේ ඇවෑමෙන්, කැපවීමෙන් කටයුතු කළ පුද්ගලයන් හා විවිධ උදව් උපකාර මධ්‍යයේ නොසැලි අද පවතින තත්…යට පැමිණ තිබේ.
මෙවන් ගමනක් තුළින් සංවර්ධනය වූ මෙම විදුහල තුළින් අනාගතයේ ද සදහසක් විද්වතුන් මේ පුංචි ලංකාවට හිමිවෙනවාට කිසිම සැකයක් නොමැත. ඒ සඳහා වෙහෙසෙන ගුරුභවතුන්ටත්, දෙමව්පියන්ටත් ගෞරවය හිමිවිය යුතුය.
පලමු ශ්‍රේණියේ ළමුන් පරිගණක මධ්‍යස්ථානයට ඇවිත්
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය දී තාක්ෂණය භාවිතය අද කාලීන අවශ්‍යතාවයක් බවට පත් වෙමින් පවති. අප විද්‍යාලයේ ගුරුවරුන් මෙන්ම දරුවන් ද මේ සඳහා පියවර මනිමින් සිටි. මෙම ඡායාරූප වලින් දැක්වෙනුයේ ඒහි එක් අවස්ථාවකි. එක ශ්‍රේණියේ ගුරුවරියන් තිදෙනා එක්ව නිර්මාණය කළ ප්‍රදර්ශක මුදුකාංගයක් භාවිතා කරමින් පාඩමක යෙදී සිටින අවස්ථාවකි.
2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සැමරුම
විෂයභාර අචාර්ය
පි.එල්.සි. කුමාර මයා
ඇතුළු බෞද්ධ කමිටුව.
ශ්‍රී බුද්ධවර්ෂ 2555 හෙවත් ව්‍යවහාර වර්ෂ 2011 වෙසක් පුරපසළොස්වක පොහොය දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටම සුවිශේෂි දිනයක් වන බැවින් එය උසස් අයුරින් ස්මරනය කිරීම සදහා
අප විද්‍යාලයේ උත්සව මාලාව සංවිධානය කෙරිණි.
ඒ අතර,
ඒ අනුව
- තුන් සුත්‍ර දේශනාව.
- සෑම දිනකම උදෑසන බෞද්ධ කොඩිය, පාසල් කොඩිය, ජාතික කොඩිය, ඔසවා ජාතික ගීය, පාසල් ගීතය සම්බුද්ධ ජයන්ති ගීතය ගායනා කිරීමට පියවර ගැනීම.
- උදෑසන රැස්වීමේදි බුදුදහම තේමා කර ගෙන ගුරු කථාවක්, ශිෂ්‍ය කථාවක් කිරීම,
- සෑම නිවසකම පන්සිල් සුරකින ආගමික පරිසරයක් ඇති කිරීම මෙන්ම දිනපතා බුද්ධ වන්දනාව වඩාත් විධිමත්ව සිදු කිරීමට මග පෙන්වීම.
- දිනපතා උදෑසන පිරිත් දේශනා හා ධර්ම චින්තා ඇසිමෙන් දෛනික කටයුතු ආරම්භ කිරිමට මග පෙන්වීම.
- සෑම පුරපසලොස්වක පෝදින හෝ ඊට පෙර දින පාසල් දරු දැරියන් සිල් සමාදන් කරවීමට යොමු කිරීම.
- උදෑසන රැස්වීම අවසානයේ අධිෂ්ඪාන පද්‍ය කියවීමග පාසල අවසානයේ ඡත්තමානවක ගාථා ගායනයෙන් පසු ගුරුවන්දනා ගථා කියවා ගුරුන් වැදීමට යොමු කිරීම.
- පාසල තුල සිසු විනය සාමය සහජීවනය වර්ධනය වන විෂය සමගාමී හා විෂයබාහිර ක්‍රියාකාරකම් සංවිධානය
- ජනවාරී 31 දින ගමේ විහාරස්ථානයට ගොස් ගුණානුස් මරණ වැඩසටහනක් කිරීම.
- පෙබරවාරී 16 හෝ-15 දින සිසුන් ශීල සමාදානමය වැඩසටහන.
- මාර්තු 19 මැදින් පුර පසලොස්වක පෝදින සිල් සමාදන් කර වීම.
- මැයි 17 වන දින විශේෂ සීල සමාදනමය වැඩසටහන් කර වීම.
- ජුනි-15 පොසොන් පොහොය නිමිත්තෙන් සිසු දරුදැරියන්ගේම නිර්මාණය මගින් පොසොන් බැති ගී සංදර්ශනයක් පැවැත්වීම.
- ජුලි 14 ඇසල පෝය නිමිත්තෙන් සිසුන්ට යහපත් ආකල්පලබාදෙන විශේෂ දේශන මාලාවක් සංවිධානය.
- සැප්තම්බර් 11 බිනර පෝය නිමිත්තෙන් සිල් සමාදන් කරවීමේ වැඩසටහනක් හා සාධු චර්යා පුස්ථකයක් හදුන්වා දී දෙමාපිය අත්සන සහිතව සහතික කරගෙන එන ලෙස උපදෙස් දී හොදම සිසුන් තෝරාගෙන බෞද්ධ කථා පොතක් හෝ සහතිකයක් ත්‍යග වශයෙනි දීම.
- ඹක්තෝබර් 11 වප් පෝය නිමිත්තෙන් සිල් සමාදන්කරවීම හා නාට්‍ය වැඩ මුලූවක් ඊට පෙර පැවැත්වීම. ජාතකකථා පදනම් කරගෙන.
- නොවැම්බර් 10 ඉල් පෝය නිමිත්තෙන් සීල සමාදානමය වැඩ සටහනක් පැවැත්වීම හා වැඩිහිටි නිවාසයකට ගොස් දානයක් දීමට යොමු වීම.
• මීට අමතරව
- සෑම විටම බාහිර අටෝපත් ක්‍රියාකාරකම් වලට වඩා ධර්මානුකූල ප්‍රතිපත්ති සුරැකෙන වැඩ මුලූ නට්‍යල කදවුරු පැවැත් වීම.
- පන්ති පුස්තකාලයේම මෙන්ම පාසල් පුස්තකාලයේ ද බෞද්ධ පොත්පත් භාවිතයට සිසුන් යොමු කිරීම.
- විහාරස්ථාන වලට යාමේදී ලොකු කුඩා සෑම අයෙකුටම සුදු ඇදුමින් සැරසී යාමට හුරු කිරීම.
- දහම් පාසල් යන දරුවන් අගය කිරීම හා නොයන ළමුන්ට ඇති ගැටලූ ව සොයා බැලීම.
- මීට අමතරව නිවසේ බෞද්ධ පොත් එකතුවක් කිරීමට යොමු කිරීම.
- අන්‍යෝන ආශිර්වාදයේදී ආයුබෝවන් තෙරුවන් සරනයි යනුවෙන් භාවිතයට පෙලබ වීම.
- පාසල් පරිශ්‍රය තුල අලංකාරව හා පිරිසිදු බව සුරෙකෙන ගෙවතු අලංකාරණ වැඩසටහන් කිරිම.
- සෝදා පාලූවට ලක්වන තැන් සොයා පිලියම් යෙදීම.
- කුරුල්ලන් ලේනුන් වැනි අහිංසක සතුන් සදහා ආහාර තැබීමට පාසලේ ගෙදර සකස් කිරිම, දිනපතා එම සතුන්ට ආහාර තැබීම හා ස්නානය ට ජල බදුනක් තැබීම එම සතුන්ගේ කෙලි සෙල්ලම් දැක නිරාමිස සතුටක් ළාමා මනසේ ඇතිකිරිමට සැලැස්වීම.
- එසේම වෙසක් පෝය දින නිමිත්තෙන් ගද්‍යල පද්‍ය ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහන්, දේශන, නිර්මාණ එලිදැක්වීම් පෙරහැරල ශ්‍රමදානල චිත්‍ර තරගල දාන ශීල භාවනා ආරිය පුජාල ප්‍රදර්ශණල ආර්ශ පාඪ විද්‍යාලයේ ප්‍රදර්ශණය කරවීම ආදිය ස්ථානයට සුදුසු පරිදි 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම තේමා කරගෙන සිදු කිරිමට අපේක්ෂා කරමු.
Subscribe to:
Posts (Atom)


